ගල්කිස්සේ වෙඩි තැබීම පාතාල ගැටුමක් බවට හෙළි වෙයි

ගල්කිස්සේ වෙඩි තැබීම පාතාල ගැටුමක් බවට හෙළි වෙයි

December 6, 2018   01:11 pm

‍ගල්කිස්ස කල්දමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට අනාවරණය වී තිබේ.

පොලිසිය පැවසුවේ මියගිය ළහිරු උදාර සඳරුවන් නොහොත් අගුලානේ උදාර නමැත්තා මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයෙකු වන ගොනා කෝවිලේ රොහා නමැත්තාගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇති බවයි.

එම පාතාල කණ්ඩායම සහ අගුලානේ අංජු නමැත්තාගේ කණ්ඩායම අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් අදාළ ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය හා ගිනි අවි ළඟ තබා ගැනිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබූ බව සඳහන්ය.