කුණු නිසා අපිරිසිදු වන ඇල්ලෙතොට රක්ෂිතය

කුණු නිසා අපිරිසිදු වන ඇල්ලෙතොට රක්ෂිතය

December 6, 2018   12:46 pm

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඇල්ලෙතොට රක්ෂිතය කැළි කසල බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියකට ලක්වී තිබේ.

අකාර්යක්ෂම කැළි කසල බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වෙයි.

බණ්ඩාරවෙල හපුතලේ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල නගරයට කිලෝමීටර් 2ක් දුරින් පිහිටි  ඇල්ලෙතොට රක්ෂිතය කැළි කසල බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියකට ලක්වී තිබේ.

ප්‍රදේශ රැසක වගාබිම් සඳහා ජලය සපයන මෙම ජලපෝෂිත ප්‍රදේශය හේතුවෙන් අපද්‍රව්‍ය ගොඩබිම්වලට සේදී යාමේ අවදානමක්ද පවතින බව ප්‍රදේශවාසීන් සදහන් කළේය.

මේ පිළිබඳ හැකි ඉක්මනින් බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන්  ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.