සේනා නසන්න වැඩසටහන් රැසක්

සේනා නසන්න වැඩසටහන් රැසක්

December 6, 2018   12:13 pm

‍සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වන විට දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ පළාත් නවයම ආවරණය වන පරිදි ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

මෙම වැඩසටහන් වලට සහභාගීවිමට නොහැකි වූ ගොවීන් දැනුවත් කිරිම සදහා 1920 දුරකතන අංකය ඇමතීමෙන් උපදේශන සේවා ලබා ගැනිමේ අවස්ථාව උදාකර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සදහන් කළේය.