මඟ වැරදුන බන්ධනාගාර බස් රථය
December 6, 2018 11:15 am
මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් අද(06) අලුයම අනතුරට පත්වී තිබේ.
මාතර බන්ධනාගාර කාන්තා රැඳවූවන් පස් දෙනෙකු කොළඹ අධිකරණ කටයුතු වෙත රැගෙන එන අවස්ථාවේ අදාළ බන්ධනාගාර බස් රථය අද අලුයම 4 ට පමණ අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ගාල්ල සමුද්‍ර මාවතේ නාවික හමුදා කඳවුර අසලදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් සම්බන්ධ කර ඇති කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
මෙම අනතුර සිදුවන්නට ඇත්තේ බස් රථයේ රියදුරැට නින්ද යාමෙන් බව පොලීසිය සැක කරයි.
අනතුරට පත් බස් රථයේ රැඳවූවන් ගාල්ල බන්ධනාගාරයට අයත් බස් රථයකින් කොළඹ දක්වා රැගෙන ගොස් තිබේ.