ළිදෙන් මළ සිරුරක් මතුවෙයි

ළිදෙන් මළ සිරුරක් මතුවෙයි

December 6, 2018   10:48 am

වව්නියාව, ඊච්චන්කුලම, තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වව්නියාව ඊච්චන්කුලම පොලීසිය පවසයි.

ඊයේ(05) සවස මෙම මළ සිරුරක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසූවේ පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී පුතාගේ මළ සිරුර ළිඳ තුළ තිබෙනු මියගිය පුද්ගලයාගේ මව දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති බවයි.

වව්නියාව, තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු සෙල්වම් නමැති පුද්ග‍ලයෙකුගේ මළ සිරුර එලෙස ළිඳ තුළ තිබි සොයාගත් බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් සිරුර වව්නියාව රෝහල මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.