බිලියන දෙකකට වැඩි හෙරොයින් සමඟ 2ක් මාට්ටු

බිලියන දෙකකට වැඩි හෙරොයින් සමඟ 2ක් මාට්ටු

December 6, 2018   09:40 am

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ  ඊයේ(05) රාත්‍රී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක තොගයක් සොයාගෙන තිබේ.

මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හෙරොයින් තොඟය ප්‍රවාහනය කළ බෝට්ටුවක් ද එම වැටලීමකදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දිලීප් ප්‍රසන්න නැමැති නො.298 කලවාගොඩ පාර, ගොඩැල්ල, බේරුවල පදිංචි අය සහ 34 හැවිරිදි මොහොමඩ් ෆර්සාන් නැමැති නො.80 මරදාන පාර, බේරුවල පදිංචි යන පුද්ගලයින් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සති ගණනක විමර්ණවල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.