දෙමළ අයට වංචා කළ පුද්ගලයින් ගැන සිවාජිලිංගම් කියයි

දෙමළ අයට වංචා කළ පුද්ගලයින් ගැන සිවාජිලිංගම් කියයි

December 6, 2018   09:24 am

තම ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දුවන දේශපාලන සංවිධානයකට තම පක්ෂයේ සහයදීමට සූදානම් බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි.

යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙච්චර කාලයකට සිංහල නායකයින් විසින් දෙමළ නායකයින්ට වංචාකළ බවත්  සමහර නායකයින්ට දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර ත්‍රස්ථ වාදය වැලැක්වීමේ පණත ආහෝසි කළ යුතු බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවත් පොලිස් බලතල සහ ඉඩම් බලතල ලබාදිය යුතු බවත්  එම්.කේ.සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් පැවසීය.