හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ දියණිය අත්අඩංගුවට
සයුරෙන් එතෙර

හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ දියණිය අත්අඩංගුවට

December 6, 2018   08:51 am

චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ දියණිය කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමෙරිකානු නීතිඥයින්ගේ ඉල්ලීමකට අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අත්අඩංගුවට ගත් මීන්ග් වංෂු නමැති අදාළ කාන්තාව හුවාවි ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර ඇය එහි උප සභාපතිවරිය ලෙස ද සැලකෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම පසුගිය 01 වන දින සිදු කර ඇති අතර ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හුවාවි ආයතනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විමර්ශන ආරම්භ කර තිබුණි.