තැන් කීපයක අනතුරු-කතක් ඇතුළු 2ක් මරුට

තැන් කීපයක අනතුරු-කතක් ඇතුළු 2ක් මරුට

December 6, 2018   08:43 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් අනුරාධපුර සහ දඹුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේදී  බස් රථයක පදික කාන්තාවක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එම කාන්තාව මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 70 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.