පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් ගැන චන්දිම කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් ගැන චන්දිම කියයි

December 6, 2018   08:15 am

ජනාධිපතිවරයාට ගැලපෙන ආකාරයෙ අගමැතිවරයෙක් පත් නොවන්නේනම් රට ඉදිරියට ගෙන යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ගැලපෙන අගමැතිවරයෙකු යෝජනා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම බවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර වර්තමාන දේශපාලන අර්බුදයට සියලු දෙනා එක්ව සාකච්ඡා මාර්ගයෙන් විසදුම් සොයාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.