අනතුරකින් පදික පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

අනතුරකින් පදික පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

December 6, 2018   08:00 am

පයාගල පොලිස් වසමේ කිලෝමීටර් 47 හා 48 යන කණු අතර ඈතගම සණස බැංකුව ඉදිරිපිටදී වාද්දුව දෙසට
ධාවනය වූ වෑන් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

ඊයේ(05) රාත්‍රී 7.15ට පමණ සිදු වූ මෙම අනතුරින් මරණයට පත් වූයේ ඇලදූව වත්ත, මතුගම ප්‍රදේශයේ පදිංචි
වයස51ක වේලු යෙසයියා යන පුද්ගලයෙකු වෙයි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.