ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක්

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක්

December 6, 2018   06:58 am

එළඹෙන උත්සව සමය නිමිත්තෙන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ලබන 16 වන දින සිට දෙසැම්බර් 30 වන දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව දිවයින පුරා වැටලීම් සිදු කිරිමට සැලසුම් කර ඇති බව මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.