ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගයේ තෙවන දිනය අද
December 6, 2018 06:44 am
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 විභාග කිරීම අද(06) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.
පෙරේදා දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කිරීමට නියමිතයි.
නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ඊයේ(05) දිනයේදී නීතිපතිවරයා විසින් අදාල පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණූ ඉදිරිපත් කළ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.
මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීම ද ඊයේ දිනයේදී සිදු කර තිබේ.
ඒ අනුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද දිනයට කල්තැබුණු අතර අද දිනය තුළ පෙත්සම් විභාග කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත බව සඳහන්ය.