ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්සේ වෙඩි තැබීමක්

December 5, 2018   10:40 pm

ගල්කිස්ස, කල්දමුල්ල මන්සංන්ධියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(05) රාත්‍රීයේ කල්දමුල්ල මන්සංන්ධිය අසල පිහිටි නිවසක් අසලදී මුහුණු ආවරණය කරගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අදාළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ළහිරු උදාර සඳරුවන් නැමති කල්දමුල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය මඟින් සිදු කරයි.