ජනපති ඉල්ලා අස්විය යුතු බව මුජිබර් කියයි

ජනපති ඉල්ලා අස්විය යුතු බව මුජිබර් කියයි

December 5, 2018   10:38 pm

පාර්ලිමේන්තුවේ බහුතරය සමඟ සහ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සූදානමක් නොමැති නම් ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අරලියගහ මන්දිරයේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගෙ කැමැත්ත මත අගමැතිවරයා පත් කරනු ලබන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා සිටින්නේ නම් ජනාධිපතිවරයා විසින් සිදුකළ යුත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ යුතුකම ඉටු කිරීම පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර "ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ" සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණි.