අපේ ආණ්ඩුවක් යටතේ 19 වෙනස් කරනවා
December 5, 2018 07:41 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසකට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.ෙ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල පුවත් වෙබ් අඩවිය සහ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ සිදු විය.
එම අවස්ථාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් , ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, එස්.එම්.චන්ද්‍රෙස්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු පිරිසක්ද එක් විය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කැඳවු තවත් මාධ්‍ය හමුවක් අද කොළඹ දී පැවැත් විය.
එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රංජිත් සොයිසා සහ ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරුන් අදහස් දැවීය.