මංගලගෙන් ජනපතිට දැඩි දෝෂාරෝපණයක්

මංගලගෙන් ජනපතිට දැඩි දෝෂාරෝපණයක්

December 5, 2018   07:19 pm

අතුරු තහනම් නියෝගයක් ලබා දී මේ වන විට පැය 48කට වඩා කාලයක් ගතවී ඇති නමුත් රජයක් ස්ථාපිත කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවික්‍රම මහතා පවසයි.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, අපේ නිදහස් ඉතිහාසයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ද රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇති බපව මන්ත්‍රීවරයා කළ නිවේදනයේ සඳහන් වේ.

රජයක් නොමැති වීම ඉතා සරල දෙයක් ලෙස ජනාධිපතිවරයා සලකන බවත් ඊයේ (04) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී  ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ඔහුගේ නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශන කළ බව ද ඔහු සඳහන් කරයි.


රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කොටස් ඉතා සීරුවෙන් පෙළගැසිය යුතු මොහොතක් උදාවී ඇති අතර පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව මේ විනාශයට වගකිව යුතු සියලු පාර්ශවයන්ට එරෙහිව එකාවන්ව නැගී සිටිය යුතු බවද මන්ත්‍රීවරයා සඳන් කර තිබේ.