21 වනදාට බස් ගාස්තු සංශෝධනයක්

21 වනදාට බස් ගාස්තු සංශෝධනයක්

December 5, 2018   06:44 pm

එළඹෙන 21 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බව බස් සංගම් පවසයි.

ඉන්ධන මිල පහල දැමීමට රජය තීරණය කිරීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර පැවැත් විය.

එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිලිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එම සාකච්ඡාවට එක්වූ  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.