ජනාධිපතිවරයා විසින් රටේ පවතින අර්බුදය වහාම විසඳිය යුතුයි

ජනාධිපතිවරයා විසින් රටේ පවතින අර්බුදය වහාම විසඳිය යුතුයි

December 5, 2018   06:16 pm

ස්වාධීන අධිකරණයෙන් සහ ජනතා අධිකරණයෙන් ජනපතිට ගැලවීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රට මුහුණ දී තිබෙන අර්බුදයට සෘජුව වගකිව යුත්තේ ජනාධිපති හා මහින්ද රාජපක්ෂ මහතා බවද මන්ත්‍රීවරයා පැවසීය.

'' හිටපු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ බහුතර මතයට හිස නමා ප්‍රැන්සිස්කුකරණයේ පාඩම් අරගෙන වහාම කරලියෙන් බැසයන්න'' ලෙසද මන්ත්‍රීවරයා කළ නිවේදනයේ සඳහන් වේ.

 රටේ උද්ගතව පවතින අර්බුදය ජනාධිපතිවරයා විසින් වහාම විසඳීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් ස්වාධීන අධිකරණයෙන් හා ජනතා අධිකරණයෙන් ජනාධිපතිවරයාට කිසිදු ගැලවීමක් නොමැති බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

මෙම අර්බුදය දිග්ගැස්සෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන දෙදහසකට අධික ප්‍රමාණයක්, එනම්, රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් සියයක පමණ අමතර වැය බරක් මේ අර්බුදයේ නිර්මාපකයින් විසින් ලබා දී තිබෙන හෙයින් ව්‍යවස්ථාව සමඟ, නීතිය සමඟ සිදු කරන මේ සෙල්ලම වහාම නතර කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළ යුතු බවද චම්පික රණවක මහතා පෙන්වා දෙයි.