අවසන් ගෞරවයට ලෝක නායකයින් රැසක්
සයුරෙන් එතෙර

අවසන් ගෞරවයට ලෝක නායකයින් රැසක්

December 5, 2018   05:07 pm

අභාවප්‍රාප්ත අමෙරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයින් රැසක් අමෙරිකාවට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු වොෂින්ටන් හිදී අද සිදු කිරීමට නියමිතව ඇති අතර එම අවස්ථාව සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් , ජීමි කාටර් යන හිටපු ජනාධිපතිවරුන් ද සහභාගී වීමට නියමිත බව සඳහන්ය.

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු ඇතුළු ලෝක නායකයින් මෙන්ම හිටපු නායකයින් රැසක් ද අභාවප්‍රාප්ත ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමෙරිකාවට පැමිණ සිටින බව වාර්තා වෙයි.

අමෙරිකානු හිටපු ජනාධිපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා වන අභාවප්‍රාප්ත ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ්, 1989 වසරේ සිට 1993 වසර දක්වා කාලය තුළ අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ.