ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට ඇප

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට ඇප

December 5, 2018   04:57 pm


2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින්  11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ  සිද්ධිය  සම්බන්ධයෙන්  නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට  සැඟවී සිටීමට ආධාර හා අනුබල දුන් බවට සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියම කළේය.

ඒ අනුව සැකකාර විජෙගුනවර්ධන මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකාරුට අවවාද කෙරුණි.

සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වූවහොත් ඇප අවලංගු කොට රිමාන්ඩ් භාරයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා සැකකාරුට අවවාද කර තිබේ.