පාර්ලිමේන්තු සජීවී විකාශය නැවැත්වීම ගැන ගුවන් විදුලි සංස්ථා සභාපතිගෙන් කරුණු විමසයි
December 5, 2018 04:49 pm
රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්රාහිව කටයුතු කරමින් සිටින බවට අද (05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙනු ලැබූ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.
මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම සහ පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (05) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැඳවා තිබේ.
පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධිනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබූ බව ද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා සඳහන් කර ඇත.
මේ අනූව,කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, ගුවින් විදුලි සංස්ථාවේ සජීවී විකාශනය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්රකාශකල ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු වී ඇත.