බස් ගාස්තු සංශෝධන සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

බස් ගාස්තු සංශෝධන සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

December 5, 2018   04:16 pm

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් නියෝජිතයින් සහ ජාතික ගමනාගම කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී තිබේ.

කෙසේ වෙතත් බස් සංගම් නියෝජිතයින් පැවසුවේ ලබන 21 වෙනිදා නැවතත් හමුවී මේ පිළිබද ස්ථිර තීරණයකට එළඹෙන බවයි.

තෙල් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවූ විට බස්ගාස්තු ඉහළ නැංවීමට බස් සංගම් ඉකුත් සැප්තැම්බර් මාසයේදී පියවර ගත්තේය.

එහෙත් ඉකුත් නොවැම්බර් මාසයේදී අවස්ථා 3කදී තෙල් මිල අඩු කෙරුණු නමුත් එක්වරක් පමණක් බස් ගාස්තු පහළ දැමුණු අතර එලෙස පහළ දැමුණේ සියයට 2ක ප්‍රතිශතයකිනි.

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද ජාතික ගමනාගම කොමිෂන් සභාවේ සභාපතිවරයා හමු විය.

මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වු අතර බස් සංගම් නියෝජිතයින් පැවසුවේ ලබන 21 වෙනිදා නැවතත් හමුවී මේ පිළිබද ස්ථිර තීරණයකට එළබෙන බවයි.