ජාතික මල්ලව පොර ශූරතාව නාවික හමුදාවට 

December 5, 2018   04:12 pm

78 වන ජාතික මල්ලව පොර ශූරතා තරගාවලිය පසුගියදා නිමාවට පත්  විය.

මෙවර තරගාවලිය පැවැත්වුනේ මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දීයි.

දින 3ක් පුරා පැවති තරගාවලිය සඳහා ත්‍රිවිද හමුදාව සහ පොලිසිය ඇතුලු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 10ක් සහභාගී වීය.

78 වන ජාතික මල්ලව පොර ශූරතා තරගාවලිය බර පංති 10ක් යටතේ පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් සහභාගි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 125කට ආසන්නයි.

තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව ලකුණු 33ක් රැස් කරගත් නාවික හමුදා කණ්ඩායම දිනා ගත් අතර අනුශූරතාව දිනා ගත්තේ ලකුණු 30ක් දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමයි.

78 වන ජාතික මල්ලව පොර ශූරතා තරගාවලියේ පිරිමි අංශයේ තුන්වන ස්ථානය දිනා ගත්තේ යුද හමුදා කණ්ඩායම විසිනි.

මෙවර තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් වුනේ ලකණු 28ක් දිනාගනිමිනි.

ලකුණු 22ක් ලබා ගත් යුධ හමුදා කණ්ඩායම තරගයේ අනුශූරතාව හිමි කර ගත් අතර තුන්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා පොලිසියයි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායමේ ජී ඒ එම් මුණසිංහ සමත් වු අතර  එච් ඒ එන් කරුනාසේන දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේය

තරගාවලියේ ත්‍යාග ප්‍රදානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී සිටියහ.