ජනාධිපති ධුරයෙන් ඉවත් වී ගොවිතැන් කරන්න සූදානම්

ජනාධිපති ධුරයෙන් ඉවත් වී ගොවිතැන් කරන්න සූදානම්

December 5, 2018   03:17 pm

පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් පීඩනයක් එල්ල වූ හොත් ජනාධිපති ධූරයෙන් ඉවත් වී පොළොන්නරුව වෙත ගොස් ගොවිතැන් කරන බවට ජනාධිපතිවරයා විසින් පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා එම සටහන  අද(05) සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

පසුගිය සඳුදා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල මහතා අතර දෙවන වරටත් පැවති සකච්ඡාවේදී ඉතා හැගීම්බරව ජනාධිපතිවරයා විසින් මෙලෙස සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගෙන් මධ්‍යෙව්දීන් ප්‍රශ්න කරන විට ඒ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් එම ප්‍රකාශය සිදුකරන අවස්තාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රවූෆ් හකිම් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එහි සිටි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් නිකුත් කළ ට්විටර් පනිවිඩය පහතින් දැක්වෙයි.