නේවි සම්පත් යළි රිමාන්ඩ්

නේවි සම්පත් යළි රිමාන්ඩ්

December 5, 2018   02:49 pm

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(05) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විභාගයට ගැනුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි 10 වන සැකකරු වෙයි.