තවත් පිතෘ ඝාතකයෙක්

තවත් පිතෘ ඝාතකයෙක්

December 5, 2018   12:57 pm

දොඩංගොඩ-කිවුලවත්ත ,ගුළුගහගොඩ ප්‍රදේශයේ පුතා විසින් පියාට පොරවෙන් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

අද(05) පෙරවරු 5.00 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි කිවුලවත්ත, ගුළුගහගොඩ ප්‍රදේශයේ පදිංචි ටී.ජයන්ත නැමැති දෙදරු පියෙකි.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සිදු කර ඇත.

අදාළ පුතා ඝාතනය සිදු කර පසුව ගොස් පොලීසියට බාර වී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(05) සිදු කිරීමට නියමිතව තිබූ අතර දෙනියාය දොඩංගොඩ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.