තරුණ ජවය පෙන්නන්න ගිහින් වැඩ වරදී

තරුණ ජවය පෙන්නන්න ගිහින් වැඩ වරදී

December 5, 2018   12:19 pm

ප්‍රධාන දුම්රිය නියාමකවරයෙකුට පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු තලවකැලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(04) රාත්‍රී බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ප්‍රධාන නියමකවරයාට එම දුම්රියේ සිටි තරුණයින් තිදෙනෙකු පහරදීමට උත්සාහ  කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ තරුණයින් දුම්රිය තුළ දුම් පානය කරමින් සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරයා ඔවුන්ට අවවාද කර ඇති බව සඳහන්ය.

එහිදී තරුණයින් විසින් නියාමකවරයාට පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත තලවකැලේ පොලීසිය විසින් තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

19 හැවිරිදි සහ 18 හැවිරිදි වියේ පසුවන ඔවුන් ගම්පහ, දොඩම්ගොඩ සහ නෙලුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.