මන්ත්‍රීවරු පාර්ල‍ිමේන්තුවේ කථා කරන්නේ සිත් වේදනා ගැනයි

මන්ත්‍රීවරු පාර්ල‍ිමේන්තුවේ කථා කරන්නේ සිත් වේදනා ගැනයි

December 5, 2018   12:10 pm

අද (05) රැස් වන පාර්ලිමේන්තු සභා වාරය සඳහා තිබු න්‍යාය පත්‍රය වෙනස් කරමින් පාර්ලිමේන්තුව කල් තැබිමේ යොජනාවක් ඇතුළත් කර තිබේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙදි මෙම තීරණය ගත් බව කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබිමේ යෝජනාය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව පාර්මේන්තුව දෙසැම්බර් මස 12වදා පස්වරු 01ක දක්වා කල් තබනු ලැබීය.

එහිදි අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද කථා කිරීමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකර තමතමන්ගේ සිත් වේදනා සම්බන්ධයෙන් අදහස් පවසන බවයි.

එබැවින් පර්ලිමේන්තුවේ නිවැරදි ලෙස කටයුතු කිරීමට පියවර ගන්නා බවට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.