සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
සයුරෙන් එතෙර

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

December 5, 2018   11:51 am

පැසිෆික් සාගරයේ නව කැලිඩෝනියාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

රිච්ටර් මාපකයේ ඒකක හතයි දශම පහක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි. 

කැලිඩෝනියාවට කිලෝමීටර් 168 ක් පමණ දුරින් වූ මුහුදේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පසු තවත් පසු කම්පන රැසක් ද අදාල ප්‍රදේශයේ හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබේ.