කාන්තාවක් කෘෘර ලෙස ඝාතනය වෙයි

December 5, 2018   11:09 am

දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේදී කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ(04) දහවල් මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වයස 42ක දිලූෂා සංජීවනී ලිවේරා නැමැති කාන්තාවකි.

මෙම කාන්තාව ඝාතනයට ලක් වන අවස්ථාවේ ඇයගේ ස්වාමිපුරුෂයා නිවසේ නොසිටි බවත් ඔහු මීගමුව නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ පිටුපස දොර විවෘතව තිබෙනු දැක නිවෙසට ඇතුළු වීමෙන් පසු සාලයේ තිබූ ලේ දැකීමෙන් අනතුරුව කාමරය වෙත ඇද ගොස්ව මියගොස් වැතිරී සිටි තම භාර්යාවව දුටු බව ප්‍රකාශ කළේය. 

මෙම කාන්තාවගේ උදරය ප්‍රදේශයට හා පාදවලට පිහි පහර එල්ල වී තිබූ බවත් අද දෙරණ වාර්තාකරු පැවසීය.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිවකුත් මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැත.

මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද(05) දින සිදු කිරීමට නියමිතයි.