සන්ධාන මන්ත්‍රීවරු නෑ-මහජනතාව නෑ- පාර්ලිමේන්තුව ඇරඹෙයි
December 5, 2018 10:34 am
අද (05) පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්ව තිබේ.
පාර්ලිමේන්තුව සභාවාරයට ප්‍රථම අද උදෑසන පක්ෂ නායක රැස්විමක් කැඳවා තිබුණි.
උදෑසන 09.30 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම ආරම්භ විය.
අද දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇති බව අද දෙරණ කල විමසීමකට පිලිතුරු දෙමින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
එමෙන්ම අද දිනයේදී ද මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර තිබේ.
මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට තීරණය කල බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පවසයි.