පක්ෂනායක රැස්වීම අවසන්

පක්ෂනායක රැස්වීම අවසන්

December 5, 2018   10:18 am

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.

අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ මීට ටික වේලාවකට පෙර එම රැස්වීම අවසන් වූ බවයි.

න්‍යාය පත්‍රය වෙනස් කර අද දින පාර්ලිමේන්තුව තුළදී වර්තමන දේශපාල පසුබිම පිළිබඳ සකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබුණ ද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මේ සඳහා සහභාගී නොවූ බව සඳහන්ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දින පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට ද තීරණය කර තිබේ.