වැටින් පැන්න මිනිස්සු
සයුරෙන් එතෙර

වැටින් පැන්න මිනිස්සු

December 5, 2018   09:42 am

දකුණු අමෙරිකානු රටවල් කිහිපයකින් මෙක්සිකෝවට පැමිණ සිටින සංක්‍රමණිකයන් කණ්ඩායමක් මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුල්වී තිබේ. 

ඒ ඔවුන්ට අමෙරිකාවට ඇතුල්වීමට කිසිසේත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව අවධාරණය කර ඇති පසුබිමකයි. 

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමා වැටින් පැන අමෙරිකාව වෙත ඇතුලුවීමට මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් පිරිසක් සමත්ව තිබේ. 

ඔවුන් එසේ කිරීමට සමත්ව ඇත්තේ මෙක්සිකෝවේ ටිජුආනා ප්‍රදේශයේදීයි.  

ආරක්ෂාව සඳහා යොදවා ඇති හෙලිකොප්ටර් යානාවල සයිරන් නලා ශබ්දය ඇසෙද්දී පවා ඔවුන් මෙසේ දේශසීමා වැටින් පැනගත් ආකාරය වීඩියෝවල සටහන්ව ඇති බව වාර්තා වෙයි. 

කෙසේ වෙතත් මෙසේ පැනගැනීමට සමත්වූ සංක්‍රමණිකයන්ට සිදුවූයේ කුමක්ද යන්න වාර්තා වී නොමැත.

මෙක්සිකෝව හරහා අමෙරිකානු දේශසීමා තරණය කර අමෙරිකාවට ඇතුලුවීමේ අපේක්ෂාවෙන් පසුවන මධ්‍යම අමෙරිකානුවන් හයදහසක් පමණ මෙක්සිකෝවෙ රැඳී සිටියි. 

එහෙත් ඔවුන්ට සිය රටට ඇතුලුවීමට කිසිසේත් අවස්ථාවක් ලබානොදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබුණි.