මහමැතිවරණයක් ඉල්ලා පොල් ගහයි

December 5, 2018   09:09 am

මහමැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් පැවිදි හඬ සංවිධානය සීනිගම දේවාලයේදී දේවකන්නලව්වක් සහ සත්‍යක්‍රියාවක් සිදුකළ ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම දේව කන්නලව්ව ඊයේ(05) සීනිගම දේවාල පරිශ්‍රෙය්දී  පැවැත්වු බවයි. 

දේවකන්නලව්ව කිරීමේන් පසුව සීනිගම දේවල භූමියේදී පොල් ගසා ඇති බවද අප වාර්තාකරු සඳහක් ළේය.

මෙම දේව කන්නලව්ව සඳහා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ  ගිහි පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.

මේ අතර මහමැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් පැවිදි හඬ සංවිධානය සංවිධාන කළ රථ පෙළපාලියද ඊයේ රාත්‍රීයේ හික්කඩුව සීනිගම දේවාලය වෙත ළඟා වුණි.