බදු සහන දුන්න ඒවා දකිද්දී එජාපෙ අයට ඉවසන්න බෑ
December 5, 2018 09:08 am
මහින්ද රාජපක්ෂ මහතා සහ පැවති කැබිනට් මණ්ඩලයට සියලු වරප්‍රසාද සහිතව නිවාඩු ලබා දීමෙන් ඔවුන්ගේ ප්රශ්නය විසදෙන බව එක්සත් ජාතික පක්ෂය සිතන්නේනම් ඉන් කිසිදු ඵලක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(04) පස්වරුවේ මීගමුවේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
අද එක්සත් ජාතික පක්ෂය උසාවිය ගියේ, පසුගිය මාසය තුළ ආණ්ඩුව විසින් සිදු කළ දැවැන්ත වැඩපිළිවෙල නවත්වා දැමීමට බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
මෙවැනි ක්‍රියාකාරකම් දකින විට එක්සත් ජාතික පක්ෂයේ අයට ඉවසා ගත නොහැකි නිසා බවත්, එනිසා උසාවියට ගොස් අගමැතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ වැඩ තාවකාලිකව නවත්වා දැමීමට මෙලෙස ක්‍රියාකල බව ද පැවසීය.
මේ හේතුවෙන් අද වන විට රටේ ජනතාවට ලැබෙන සහන නොලැබී ගොස් ඇති බවත්, පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් මෙම ප්රශ්නය වහාම නිරාකරණය කර ගන්නා ලෙස ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.