සයුරෙන් එතෙර
ගැටුමක් දුරදිග යාමෙන් පොලිස් නිලධාරියෙක්ට දිවි අහිමි වෙයි
December 5, 2018 08:57 am
ඉන්දියාවේ උත්තර් ප්රදේශයේ හටගත් ගැටුමක් දුරදිග යාමෙන් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබේ.
ඉන්දීය සම්ප්රදාය අනුව පූජනීයත්වයෙන් සලකනු ලබන එලදෙනුන් ඝාතනය කරන බවට පැතිරගිය කටකතාවක් හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් උත්තර් ප්රදේශ් හි පොලිස් නිලධාරියෙක් මියගිය බව වාර්තා විය.
අදාළ කටකතාව පැතිරයාමත් සමඟ ප්රකෝපකාරී ලෙසින් හැසිරුණු පිරිස් පොලීසිය වෙත ගල්මුල් ප්රහාර එල්ල කර තිබේ.
එහිදී සිදුවූ වෙඩි ප්රහාරයක් හේතුවෙන් සුබෝධ් කුමාර් සින්ග් නම් පොලිස් නිලධාරියා මියගිය බව සඳහන්ය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් සිවුදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර ප්රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවද ඉන්දීය පුවත් වාර්තා අනාවරණය කළේය.
ගවයන් ඝාතනය කරන බවට චෝදනා කරමින් මුස්ලිම් ජාතිකයන් ඝාතනයට ලක්කිරීමේ පුවත් නිරන්තරයෙන් මෙම ප්රදේශයෙන් වාර්තා වෙයි.
එහෙත් මෙවර සිදුවීමට නිෂ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවද සඳහන්ය.