පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

December 5, 2018   08:25 am

පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු තිහගොඩ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර වලින් ඉන්ධන ලබාගෙන බලපත්‍ර නොමැතිව ටිපර් රථයකින් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ටිපර් රථය සමග තිහගොඩ පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටියදී ටිපර් රථය නිදහස් කරන ලෙස පොලිස් නිළධාරින්ට රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට ටිපර් රථය භාරව සිටි පුද්ගලයෙකු උත්සහ කර ඇති බව සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් තිහගොඩ පොලිස් ස්ථානාධිපති දැනුවත් කිරීමෙන් පසු එම අල්ලස් මුදල තිහගොඩ පොලිස් ස්ථානයේදී අදාළ පුද්ගලයා විසින් පොලිස් නිලධාරින්ට ලබාදීමේදී අල්ලස් ලබාදීමේ වරදට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 39හැවිරි සහ  54හැවිරිදි වියේ පසුවන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද(05) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තිහගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.