රටේ අනාගතය වෙනුවෙන් ගත් තීන්දු වෙනස් කරන්න එපා

රටේ අනාගතය වෙනුවෙන් ගත් තීන්දු වෙනස් කරන්න එපා

December 5, 2018   07:46 am

රටේ අනාගතය වෙනුවෙන් ගත් තීන්දු තීරණ කිසිදු ආකාරයකින් වෙනස් නොකරන ලෙස සිංහල රාවය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සදහන් කළේ එම අභියෝග ජය ගැනිම සඳහා සහයෝගය ලබාදීමට රටේ ජනතාව මෙන්ම සංඝරත්නය ද ජනාධිපතිවරයා සමඟ සිටින බවයි. 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව ප්‍රකාශ කළහ.