කථානායකගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි

කථානායකගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි

December 5, 2018   07:16 am

අද (05) පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව සභාවාරයට ප්‍රථම අද උදෑසන පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බව වාර්තා වේ.

උදෑසන 09.30 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව සඳහන්.

අද දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇති බව අද දෙරණ කල විමසීමකට පිලිතුරු දෙමින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

එමෙන්ම අද දිනයේදී ද මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර තිබේ.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට තීරණය කල බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (04) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.