වෑන් රථයක් පෙරළී 6ක් රෝහලට

වෑන් රථයක් පෙරළී 6ක් රෝහලට

December 4, 2018   06:35 am

ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේදී පෙරළීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව කැබිතිගොල්ලෑව පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ යාපනය ත්‍රිකුණාමලය මාර්ගයේ 13 වන කිලෝමීටර කණුවප්‍රදේශයේදී ඊයේ(03) සවස මෙම අනතුර සිදුව ඇති බවයි.

වර්ෂාව සහිත අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර,තුවාලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.