අදත් හවසට තද වැසි

අදත් හවසට තද වැසි

December 4, 2018   06:30 am

උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වෙයි.

මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල සමහර තැන්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි.