ජීවන වියදම ඉහළට-ජීවන වියදම් දීමනාව පහලට
February 22, 2012
තෙල් මිල, බස් ගාස්තු, සහ විදුලි බිල පහත හෙළන ලෙසත් වැඩි වී ඇති ජීවන විදයම සමනය කරගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව රුපියල් 3000/=කින් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයක් අද (22) දහවල් රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් වැඩබිම් මට්ටමින් පවත්වන උද්ඝෝෂණ මාලාවක එක් උද්ඝෝෂණයක් ලෙස මෙම උද්ඝෝෂණය පැවැත්විණි. මෙම උද්ඝෝෂණය රාජ්‍ය මුද්‍රණ වෘත්තීය සමිති සන්ධානයේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එම උද්ඝෝෂණය රාජ්‍ය මුද්‍රණ සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සරත්ලාල් පෙරේරා ඇතුළු වෘත්තීය සමිති නායකයින්ගේ මූලිකත්වයෙන් සිදුවිය.