අයිතීන් වෙනුවෙන් අහසට නැග්ග වර්ජනයක්

අයිතීන් වෙනුවෙන් අහසට නැග්ග වර්ජනයක්

October 4, 2018   07:52 am

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කළ ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද(04) උදෑසන 6.30 පමණ ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් රෝහලේ භාහිර රෝහි අංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

වාර්ශික ස්ථානමාරුවීම් ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම සහ කණිෂ්ඨ කාර්ය සේවකයින් මෘත ශරීර කැපීම සදහා යෙදවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව වර්ජනයේ නිරත පුද්ගලයින් පවසයි.