මලිදු පුතා නෞකාවක ගැටෙයි-ජීවිත 4ක් බිලි වෙයි

මලිදු පුතා නෞකාවක ගැටෙයි-ජීවිත 4ක් බිලි වෙයි

September 12, 2018   06:25 pm

බෙරුවලින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් මෙරට මුහුදු සිමාවේදි වෙනත් නෞකාවක ගැටීමෙන් සිදුවු  අනතුරකින් ධීවරයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

“මලිදු පුතා“ නැමති මෙම ධීවර යාත්‍රාව ඊයේ (11) සවස බේරුවල මුහුදු තීරණයෙන් පිටත්ව ගොස් ඇති අතර, එහි පුද්ගලයින් 7 කු සිට ඇත.

මෙම පිරිසෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මේ වන විට මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව එක් පුද්ගලයෙක් බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

මේ වන විට මියගිය සිව් දෙනා හා බේරාගත් පුද්ගලයා ගාල්ල වරාය පොලීසියට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් නෞකාවේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඒ පිළිබඳ නාවික හමුදාව මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.