අපදා තත්ත්වයෙන්  මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට

අපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට

May 26, 2018   04:59 pm

 

අයහපත් කාලගුණික තත්වයෙන් මියගිය සංඛ්‍යා 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

 දිස්ත්‍රික්ක 19කට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 40,017කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 53,712 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

පවුල් 14,265කට අයත් පුද්ගලයින් 55,553 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 2665ක් තුළ රදවා ඇති අතර නිවාස 105කට පැවති ආපදා තත්වය හේතුවෙන් පූර්ණ හානිය සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර දින කිහිපයක්  පැවති ආපදා තත්වයේ කිසියම් අඩුවීමක් දක්නට ලැබෙන බව අද පස්වරුවේ මාධ්‍ය  හමුවක් පවත්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා සඳහන් කළේය.