අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 105,352 ක් පීඩාවට පත්වෙයි-11 ක් මරුට
May 23, 2018 05:36 pm
දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 11ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
පවුල් 27,064 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 5352 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.
පවුල් 10,686 කට අයත් පුද්ගලයින් 40,491 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 220 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 33,360කි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 24,625 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 20,629 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7482 දෙනෙකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.