Back to Top

පෞද්ගලික බස්  වර්ජනය අවලංගුයි

පෞද්ගලික බස් වර්ජනය අවලංගුයි

May 16, 2018  06:39 pm

Bookmark and Share

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පෞද්ලික බස් සංගම් මෙම තීරණය ගනු ලැබීය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සියයට 6යි දශම 5කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ඊයේ(16) මධ්‍යම රාත්‍රි සිට වර්ජනයක නිරත වීමට බස් සංගම් තීරණය කර තිබුණි.

කෙසේවෙතත් නියෝජ්‍ය අමත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සියයට 12යි දශම 5 දක්වා බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට එකගතාව පළ කිරීමත් සමග වර්ජනය නතර තිරීමට බස් සංගම් තීරණය කරනු ලැබුවේය.

ඒ අනුව අවම බස් ගාස්තුවද රුපියල්12 දක්වා වැඩි කිරීමට නියමිතයි.

අදාළ බස් ගාස්තු සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.