ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

February 14, 2018   02:53 pm




එළඹෙන සිකුරාදා දිනට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉදිරියේදී ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී වාතාවරණයක් මතුව තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් ස්වාධීන ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ඊයේ දිනයේදී ප්‍රකාශයක් සිදුකළේය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් විසින් ඊයේ රාත්‍රියේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟද සාකච්ඡා පැවැත්වූයේය.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන ආණ්ඩුවකට සහය දීමට තමන් සූදානම් නොමැති බවයි.