අණ නොතකා ධාවනය කළ යතුරුපැදියට පොලීසියෙන් වෙඩි - ප්‍රදේශය නොසන්සුන් වෙයි
January 21, 2018 07:08 am
UPDATE 17.20 - කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලන කිරීම සඳහා පොලීසිය එල්ල කළ කඳුලු ගැස් ප්‍රහාරයේදී කාන්තාවන් 13 ක් ඇතුළු පුද්ගලයින් 58 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
UPDATE 12.57 - කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගම ප්‍රදේශයට පිටත්කර යවා තිබේ.
UPDATE 10.26 - කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරීයා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඊයේ රාත්‍රී මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන ඇති බවයි.
කතරගම නගරය ආසන්නයේ දී පොලීසිය විසින් යතුරුපැදියක් නතර කරන ලෙස දැනුම් දී ඇති අතර එය නොනවත්වා ධාවනය කරවීම නිසා පොලිස් නිලධාරියෙකු ඊට වෙඩි තබා තිබේ.
එහිදි තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.
එම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් නොසන්සුකාරී ලෙස හැසිරී කතරගම පොලීසියට ද පහර දී තිබේ.
එම පහරදීමෙන් කතරගම පොලීසියට දැඩි අලාභහානී සිදුවී ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
තත්ත්වය සමතයකට පත් කිරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
අදාළ වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.